නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳී ඇති බොහෝ දෙනෙකුට බරපතල තත්ත්වයකට පත්වන තුරු සාමාන්‍යයෙන් ගැටළු මතු නොකරන නිසා රෝග ලක්ෂණ නොපෙන්වයි.

නිදන්ගත වකුගඩු රෝගයේ මුල් අදියර

නිදන්ගත වකුගඩු රෝගයේ මුලික අවධියේදී කිසිත් රෝග ලක්ෂණ නොපෙන්වයි. සැලකිය යුතු වශයෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වුවද එයට මුහුණ පෑමට ශරීරයට පුළුවන් කම ඇත. රුධිරය සහ මුත්‍රා පරීක්ෂණ වැනි සාමාන්‍ය පරීක්ෂණ වලින් මෙම අදියරේදී පමණක් බොහෝ විට වකුගඩු රෝගය හදුනා ගත හැකිය. වකුගඩු රෝගය මෙම අදියරේදී හඳුනා ගත්තේ නම් ඔබට ඖෂධ පමණක් අවශ්‍ය විය හැකි අතර රෝගය පිලිබඳ නිරීක්ෂණය කිරීම සඳහා නිතිපතා පරීක්ෂණ කිරීම අවශ්‍ය වේ. රෝගය වඩාත් බරපතල තත්වයට පත්වීම වැළකීමට මෙය උපකාරී වේ.

නිදන්ගත වකුගඩු රෝගයේ පසු අදියර

වකුගඩු රෝගය කලින් හඳුනා නොගතහොත් රෝග ලක්ෂණ ගණනාවක් වර්ධනය විය හැකි අතර ප්‍රතිකාර නොමැති කමින් රෝගය නරක අතට හැරේ. රෝග ලක්ෂණ වලට පහත දේ ඇතුලත් කල හැකිය:

නිදන්ගත වකුගඩු රෝගයේ මෙම අදියර වකුගඩු අකරණිය, අවසාන අදියර වකුගඩු රෝගය හෝ ස්ථාපිත වකුගඩු රෝගය ලෙස හැදින්වේ. එය අවසානයේ කාන්දු පෙරණය (ඩයලසිස්) (Dialysis) යන ප්‍රතිකාරය අවශ්‍ය විය හැක හෝ වකුගඩු බද්ධ කිරීම. කල යුතු වේ.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදීද

ඔබට දිගටම පවතින හෝ කනස්සල්ලට පත් වන, වකුගඩු රෝගයට හේතුවිය හැකි, රෝග ලක්ෂණ තිබේනම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. වකුගඩු රෝග ලක්ෂණ බොහෝ අඩු බරපතල තත්වයන් නිසා ඇති විය හැකි නිසා නිසි රෝග විනිශ්චය ලබා ගැනීම වැදගත් වේ. ඔබට නිදන්ගත වකුගඩු රෝගය ඇත්නම් හොදම දේ එය ඉක්මනින් හඳුනා ගැනීමයි. රුධිරය සහ මුත්‍රා පරීක්ෂාව තුලින් නිදන්ගත වකුගඩු රෝගය හඳුනා ගත හැකිය.